රාජ්‍ය ඊ-ඉගෙනුම් වේදීකාව

, , Leave a comment

නිරන්තරයෙන් දැණුම යාවත් කරගැණීම අන්අයට මෙන්ම රාජ්‍ය සේවකයින්ටත් අත්‍යවශ්‍යම දෙයක්. මෙහිදි තම කාර්යයන් ඉතාමත් ඵලදායිව සහ සම්මතයන්ට අනුව ක්‍රියාත්මක කිරීමටත් ඉදිරි රැකියා උසස් වීම් සඳහා අශ්‍ය වෙන දැණුම වර්ධනයටත් වැදගත්.


රාජකාරි කටයුතු නිසා බොහෝ අයට මේ ඉගෙනුම් අවස්ථා මග හැරෙනව. වගකීම් වැඩි අයටත් තම සහෝදර සේවකයින් නිවාඩු ගත්ත වෙලාවකදීත් පුහුණව සඳහා අවස්ථාවන් ගිලිහෙනව. ඒවගේම පුද්ගලික ගැටලු විශේෂයෙන්ම දුරබැහැර සිට පුහුණුවක් වෙනුවෙන්ම තමන්ගේ කුඩා දරුවන්, අසනීපයෙන් සිටින දෙමාපියන් දාල කොළඹ එන එක ගැටලුවක්, ඒ ආවත් හිත තියෙන්නේම ගෙදර මොකද ඔබ දහසක් ගැටලු හිතේ තියාගෙන. මාර්ග තදබදය නිසා ලංකාවේ බොහෝ පෙදෙස් වල සිට කොළඹට ඇවිත් යන්න ගත කරන කාලය ඔබ පාඨමාලවක ගත කරන කාලයට වඩා වැඩී.

ගෙදර ප්‍රශ්න නැතත් රාජකාරි නිවාඩුවක් ගන්න ලොක්කා අකමැති වෙන්න පුලුවන්. මහජන දිනය දවසේ මොන පුහුණුවීම්ද? සිකුරාද ගෙවල් වලට යන්න ඔනා, සදුද උදේම මිටිමක් තියෙනව, මේවගේ දාහක් ප්‍රශ්න ගත්තම ඉගෙන ගන්න කාලය වෙන්කරගන්ම බැරි තරම් රාජකාරි වෙලාවේදි. නැත්නම් වෙන කෙනෙක් ඔබේ අවස්ථාව පැහැරගන්න පුලුවන්.

මේ මොන ගැටලුව තිබ්බත් ඔබ ලබාගන්න දැණුමින් වක්‍රාකාරව ඔබේ සේවය ලබන් වන මහජනතාවත් වක්‍රාකාරව ප්‍රතිලාබ ලබනව.

“රාජ්‍ය ඊ-ඉගෙනුම් වේදීකාව”

දැන් ඔබ කරදරයක් නැතිව ගෙදරටම වෙලා තම දූදරුවන් සමඟම රැදෙමින් හෝ කාර්යයාලයේ විවේකයක් ලද විටක දැණුම වැඩි කරගන්නට අවස්ථාවක් තියෙනව. ඔබට අවශ්‍ය වන්නේ අන්තර්ජාල සබදතාවය පමණයි. ඉතින් කාර්යයාලයේදි නම් රාජ්‍ය ජාලයට පිසීම මඟින් මේ වැඩේ නොමීලේම කරගන්න පුලුවන්.

පසු තැවෙන්නෙ නැතිව, කාටවත් බනින්නේ නැතිව තමන්ගේ වැඩේ තමන්ම කරගන්න හොඳ අවස්ථාවක්. කාර්යාලයේ දි Facebook ගියා කියල මිනිස්සු බැන්නත්, මේ වගේ දෙයක් භාවිත කරමින් ඉදලා බැණුම් ඇහුත් කමක් නැ.

වෙනස් වෙන්න වෙරදරන රටක, හොඳ ඉදිරි පියවරක් මේ. දැනට අපේ රටට තිබෙන හොඳම අධ්‍යාපනය වෙනුවෙන් වෙන් වූ වේදිකාවයි “රාජ්‍ය ඊ-ඉගෙනුම් වේදිකාව”.

මේ සටහන යොදන අවස්ථාව වන විට විවිධ ආයතන 117කට අයත් පාඨමාල 13ක් දියත් කර ඇති අතර 400කට වැඩි පිරිසක් ඉගෙනුම් කටයුතු ආරම්ඹ කර ඉන් 22ක් අදාල පාඨමාල අවසන් කර ඇත.

https://www.gelp.gov.lk

 

Leave a Reply