General IT ‘Online’ Exam

, , Leave a comment

විභාග දෙපාර්තුමෙන්තුව මෙතෙක් පැවැත් වූ විභාග ක්‍රමය වෙනස් කරමින් පළමු වරට පරිගණක තාක්‍ෂණය භාවිත කරමින් විභාග පැවැත්විමේ තීරණය අරගෙන තියෙනව.

2019 උසස් පෙළ විභාගයට පෙනි සීමට නියමිත දරුවන්ට අදාල සාමාන්‍ය පරිගණක දැණුම පරීක්‍ෂණය මෙහි පළමු අදියරයි.

මෙම කාර්යයට අදාලව තෙවන නියමු පිරික්සුම දිවයින පුරා මධ්‍යස්ථාන 650කට අධික සංඛ්‍යාවකින් අයදුම්කරුවන් 150,000කට අදික පිරිසක් ආවරණය විය. 2019 මාර්තු මස 11දින සිට 2019 මාර්තු 18 දින දක්වා ක්‍රියාත්මක වූ මෙම නියමු වැඩසටහන විවිධ වූ දුෂ්කරතා මැද ශ්‍රී ලංකා රජයේ විභාග දෙපාර්තු මෙන්තුව කරගෙන යයි.

අඩුපාඩු ප්‍රශ්න නැත්තේ නැ!

විභාග දෙපාර්තුමෙන්තුව, අධ්‍යාපන අමාත්‍යාංශය, වගේම පාසල් මට්ටමින් වගේම සේවා සපයන ආයතන වලත් අඩුපාඩු සමඟින් මේ ව්‍යාපෘතිය යතාර්තයක් කරා ක්‍රමයෙන් ගමන් කරමින් සිටී.

නියමු විභාගය පටන්ගත්ත 2019 මාර්තු මස 11දින, ලංකාවේ ප්‍රදේශ කිහිපයකම විදුලිය බිද වැටීම්. වගේම තවත් විවිධ තාක්ෂණික ගැටලු එමටයි.

නමුත් මේ ගමන අපේ රටේ අධ්‍යාපනය පැත්තෙන් ලොකු වෙනසක් සිදු කරාවි කියන බලාපොරොත්තුව සිවිල් පුරවැසියෙක් ලෙස මට තිබෙනව.

මේ කාර්යයට කිසිදු සමාගමකට කොන්ත්‍රාත් දීලා නැ!
Open Source භාවිත කරන අතර මානව සම්පත් මෙරට අධ්‍යාපන සේවයේ නියුතු වූවන්ගෙන්.

සුපුරුදු පරිදි මේ වැඩේ හරිගියොත් තාත්තල ගොඩයි, නැතිනම් ගල් මුල්. මොනව උනත් දනගාල තමා ඇවිදින්නේ කවද හරි. 🙂

මේ වැඩේට විවිධ අයුරින් අතහිත දෙන සියල්ලන්ටම ජනතාවගේ ප්‍රණාමය!

2019 මාර්තු 12 දින, දකුණු පලාත් පරිගණක සම්පත් මධ්‍යස්ථානයේදි විභාගය අවසන් කළ ගාල්ල සංගමිත්තා බාලිකා පාසලේ දියනියන් දෙදෙනෙක් අදහස් දැක් වූ අවස්ථාව.
ඒ දරුවන් කියන දේ මා පවසන දේටත් වඩා පැහැදිලි වෙවි ඔබට.

මෙම ව්‍යාපෘතිය “නිසි ලෙස” ක්‍රියාත්මක වන විට විභාගයක් ක්‍රියාත්මක වීම සඳහා වියදම් වන මුදල සහ ප්‍රතිඵල නිකුත් කිරීමට ගතවන කාලය අඩු විය යුතුයි.

 

Leave a Reply