ජලය සහ අංජමජලය

, , Leave a comment


ලංකාව අතීතයේ පිරිසිදු වතුර වලට ප්‍රසිද්ධ රටක් වෙලා තිබුන. අද ඒ තත්ත්වය වෙනස් වෙලා. අපට නොදැනුනාට අපි ඉවත දමන බැටරි කෑලිවලින් අපේ භූගත ජලයට වෙන හානිය ගොඩක් ඉතා විශාලයි. ගොඩක් අයට ඒ ගැන තේරුමක් නැහැ. මේ දවස්වල මොබයිල් දුරකතනයක් නැති කෙනෙක් නැති තරම්. අනෙක ලයිට් කපන නිසා බැටරි පාවිච්චිය තවත් වැඩිවෙලා. අර ලයිට් නැතුවාම පත්තු වෙන ලයිට් ඒවයෙත් ඇතුලෙත් තියෙන්නේ බැටරි. දන්නවාද? මේ බැටරි ඇතුලේ නිකල්, කැඩ්මියම් වැනි ඉතා අහිතකර දේවල් අඩංගු බව. මොබයිල් බැටරියකට පුලුවන් වතුර ලිටර් 20,000 -30,000 විතර පානයට නුසුදුසු කරන්න. ඒක සාමන්‍යයෙන් පුද්ගලයෙක් අවුරුදු 20-30 පමන බොන වතුර ප්‍රමානයට සමානයි. ඉතින් මේ පිලිබඳ මීට වැඩිය දැනුවත් කීරීමක් නොකලොත් අපිට දැඩි බලපෑමක් කරාවි මෙම කාරණය. මොකද ගමේ-ගොඩේ, රටේ-තොටේ හැම කෙනාම පාවිච් කරන බැටරි හරි විදිහකට බැහැර කිරීම කළ යුතුයි. එහි ඇති භයානක කම මහජනයා දැනගත යුතුයි. රජයට හෝ පුද්ගලික ආයතනයකට මෙම ගැටළුව විසඳිය නොහැකියි. කිමද එක බැටරි කැබැල්ලක් එකතු කිරීමට කිසිවෙකු ඉදිරිපත් නොවෙන නිසාත් බැටරිය විසිකරන කුනු බක්කියට කතා කරන්නත් බැරි නිසාමයි. පුංචි ඩෙංගු මදුරුවා කල හදියට වඩා බරපතලකමක් මේකෙ තියෙන බව තේරෙනකොට ගොඩක් අය ලෙඩ වෙලා තියේවි. ඒ නිසා ජලය අංජමජල් නොවෙන්න වැඩ පිලිවෙලකට මුල පුරන්න, මේ පිලිබද මීට වඩා කතා කරන්න, මහජනයා දැනුවත් කරන්න කාලය එළඹිලා.

-වසන්ත වීරකෝන්-

 

Leave a Reply